බිමල් ශ්‍යාමන් ජයසිංහ
නිවස පිටුපස වැසිකිළිය තුළ මිය ගොස් සිටි වියපත් කාන්තාවගේ මරණය ඝාතනයක් බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූ පසු ඇගේ පුතා අද (11) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ මිරිස්වත්ත, කහටපිටිය, කහංවිල පදිංචි මද්දුමගේ බබුන්නෝනා නැමැති 74 වියැති එක් දරු මවකි.
38 වියැති එම පුත්‍රයාගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු දුන් පිළිතුරු පරස්පර විරෝධී බව පොලිසිය පවසයි.
කාන්තාව හැඳ සිටි වස්ත්‍රය හා පාවහන් ද නිවසේ තිබී පොලිසිය සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු