(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පස්මං හන්දිය ආසන්නයේදී කාන්තාවන් දෙදෙනෙකු ගේ රන් මාල කඩා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ අයෙකු බවත් අනෙක් සැකකරු වීරකැටිය හිගුරුමුලන ප්‍රදේශයේ අයෙකු බවත් පොලිසිය පවසයි.
පැහැර ගන්නා ලද යතුරු පැදි දෙකක් උපයෝගි කර ගනිමින් සැකකරුවන් රන් මාල කැඩීමේ යෙදී ඇතැයිද පොලිසිය කියයි.
එක් කාන්තාවකගේ රන් මාලය අද (02) දහවල් කඩාගෙන ඇති අතර එම කාන්තාව සාරි පොටෙන් ඇද බිම දමා රන් මාලය කඩා ගෙන සැකකරුවන් පලා ගොස් තිබේ.
නැවත වරක් වීරකැටියට පැමිණ ඇති මොවුන් වීරකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ බිරිදගේ රන් මාලය පැහැර ගෙන ගොස් තිබේ.
සිද්ධිය පිළිබඳ පොලිසිය සෝදිසි මෙහෙයුමක් දියත් කර වලස්මුල්ල තංගල්ල බස් රථයක් සෝදිසි කර එහි සිටි සැකකරුවන් සමඟ රන් මාල දෙක අත් අඩංගුවට ගෙන තිබේ.
පැහැර ගන්නා ලද යතුරු පැදි දෙකද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ණ සිදු කරනු ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd