(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම අගුණවිල කුඩා මඩු දේවස්ථානයේ මංගල්‍යය දින අතරතුර දී කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කැඩිමේ නිරතව සිටි කාන්තාවන් තිදෙනෙකු සොරකම් කළ රන් මාලයක් සමඟ අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා කොළඹ පදිංචිකාරියන් බවත් කිසිවකුට සැක නොසිතෙන අයුරින් බැතිමතුන් ලෙස පෙනි සිටිමින් ඉතා අලංකාර ලෙස සැරසී රට වටා දේවස්ථාන ඇතුළු විශේෂ උත්සව වලට සහභාගී වෙමින් කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල හා පිරිමින්ගේ මුදල් පසුම්බි සුක්ෂම ලෙස සොරකම් කිරීමේ නිරත වි ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.