මොහොමඞ් බුහාර්ඩින්
දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පල්ලියද්ද ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථයේ රියදුරු මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
අද (01) කල්මුනේ සායින්දමරුදු සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් මෙලෙස කොලඹ සිට මැදිරිගිරිය බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවි ඇති අතර අනතුරන් බරපතල තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල දිසා රොහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
ගොකරැල්ල පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දුරක් මේ වගේ වාහනයක් පදවාගෙන යනවද?