(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


පනස් එක් වතාවක්  පරිගණක දත්ත වෙනස් කර  ආදායම් බලපත් වලින් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ බව කියන  සිද්ධියකට අත්අඩංගුවට ගත්  හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 11 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  නියෝග කළේය.


මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  දොඩංගොඩ පදිංචිකාරියකි.


ආදායම් බලපත් අංශයේ  මුදල් වංචාවක් සිදු වී ඇතැයි හොරණ ප්‍රාදේශිය ලේකම්  කමල් ජයසුන්දර මහතා  හොරණ විශේෂ අපරාධ  විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් අනුව ඇරැඹු විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීනිය අත්අඩංගුවට ගෙන තිබිණි.