IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුලතිව්හි නිධන් හාරමින් සිටි 10ක් අත්අඩංගුවට

සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක
 
මුලතිව් ඔඩ්ඩුසුඩාන් තන්නිවුරු රක්ෂිතයේ පුරාවිද්‍යා භූමියේ ගල්තලාවක් මත නිධන් හාරමින් සිටි පුද්ගලයන් දස දෙනෙක් අද  මුලතිව් විශේෂ කාර්ය බලකා කඳවුරේ භටපිරිස් විසින් අත්අඩංගුවට  ගනු ලැබූහ.
 
මෙම පිරිස අතර හිටපු එල් ටී ටී ඊ  කමාන්ඩෝ භටයෙකු ද  සිටින බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
 
බුද්ධි තොරතුරු මත භට පිරිස්    සැකකරුවන්ට පැන යාමට නොහැකි පරිදි අදාල ප්‍රදේශය වටලා මෙම වැටලීම් සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, වත්තේගම, නුවරඑළිය, විශ්වමඩු,  මන්නාරම යන ප්‍රදේශවල පදිංචිතරුවෝ වෙති.
 
 මොවුන් නිධන් හෑරීම සදහා  ගල්තලාවේ අඩි 15 පමණ වලක් හාරා තිබු බවද විශේෂ කාර්ය බලකාය කියයි. සැකකරුවන් සතුව ඩෙටනේටර් 23 ක්, පුපුරණ ද්‍රව්‍ය කරල් 13 ක්,  ජෙනරේටර්යක්, ගල්විදිනයක්    ආදි භාණ්ඩ රැසක් තිබී ඇත.

(ඡායාරූප සිතුම් චතුරංග)



අදහස් (1)

මුලතිව්හි නිධන් හාරමින් සිටි 10ක් අත්අඩංගුවට

nimal Monday, 05 March 2018 04:13 AM

ෂා... නියමයි බොහොම වැදගත් අපගේ ප්‍රණාමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site