IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොරටුව දිගරෝල්ල පාලම වෙනුවට ස්ථීර පාලමක් ජනතාව ඉල්ලති

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව දිගරෝල්ල පාලම වසා දැමීම  මාස කිහිපයකට පෙර කඩිමුඩියේ සිදු වුවත් එය හැදෙන පාටක් නැති බවත් අබලන් දිගරෝල්ල පාලමත් ඒ වෙනුවට ඉදිකල තාවකාලික පාලමත් වෙනුවට ස්ථීර පාලමක අවශ්‍යතාව මොරටුව ජනතාවට සහ පාලම මතින් දකුණු පළාතට යන ජනතාවට පවතින බව මොරටුව දිගරෝල්ල ප්‍රදේශවාසීහු පැවසූහ.

දිගරෝල්ල පාලමේ අබලන් තත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය රජයෙන් දිගරෝල්ල පාලම වෙනුවට තාවකාලිකව පාලමක් ඉදිකර තිබේ.

කඩිනමින් ස්ථීර නව පාලමක් ඉදිකිරිමට සැලසුමක් ඇති බව එවකට සිටි නිලධාරීන්  පැවසුවත් වසර හතකට අසන්න කාලයක් පුරා  එය ඉටු නොවු බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ සුනාමි අවදානම වැඩිම කලාපය ලෙස හඳුනා ගැනෙන මොරටුවේ ග්‍රාමසේවා වසම් එකොලහක ජනතාව නැවත සුනාමියක් ඇති වුවහොත් සිය ජීවිත බේරාගැනීමට ගොඩ බිමට දිව යා හැකි මාර්ගය වැටී ඇත්තේ වසා දැමුණු සහ තාවකාලික පාලම් මතින් බව ප්‍රදේශවාසීහු කියති.

තාවකාලික පාලම ඉදිකළ පසුත් මෑතක් වනතුරුම ගමනාගමන කටයුතු දිගරෝල්ල පාලම මතින්ද සිදු වුවත් මේ වනවිට එය වසා දමා ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධීකරණ නිලධාරි අනුර කලන්සූරිය මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඒ මහතා මෙසේ පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ සුනාමි අවදානම වැඩිම කලාපය ලෙස මොරටුව කුරුස හන්දියේ සිට පානදුර අලුත් පාලම දක්වා වු කලාපය හඳුනාගෙන තිබෙන බවත් දිගරෝල්ල පාලම මතින් සුනාමි ආරක්ෂිත ගමන්මග වැටී ඇති බවත් ඔහු පැවසීය.

ග්‍රාමසේවා වසම් හයක ජනතාවට සුනාමි ආරක්ෂිත ස්ථානයන් ලෙස නම්කර ඇති හොරේතුඩුව ගංගාරාම පංසල වෙත දිව යා යුත්තේ දිගරෝල්ල පාලම සහ තාවකාලික පාලම මතින් යැයි ඔහු පැවසීය.

සුනාමි අවධානම් කලාපයේ දිගරෝල්ල පාලම වසා දැමිම ගැටලුකාරි තත්වයක් බව පෙන්වා දෙන ඒ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් රැස්වන ස්ථානයන්හීදී මෙන්ම සම්බන්ධීකරණ කමිටු වලදී මේ පිළිබඳව විවිධ පාර්ශව දැනුවත් කළ බවද පැවසීය.

ස්ථීර පාලමක අවශ්‍යතාව මොරටුවට දැඩිව පවතින බව පෙන්වා දෙන ඔහු මේ පිළිබඳව වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතුව ඇති බව වැඩිදුරටත් පැවසීය.

එක පසකින් ගඟටත් තවත් පසකින් මුහුදටත් මායිම් වු අවදානම වැඩි මොරටු කලාපයේ ජනතාව සුනාමි රළ නැගෙන අවස්ථාවකදී ඛේදවාචකයකට මුහුණපෑම වළකාලීමට නම් ස්ථීර පාලමක් ඉදිකිරීම අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව විමසීමට මාර්ග සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් විධායක ඉංජිනේරු ගයනි මුල්ලෙවිතාන මහත්මියගෙන් අප විමසා සිටි අතර දිගරෝල්ල පාලමේ අබලන් තත්වය හේතුවෙන් එය වසා දැමු බව ඇය පැවසුවාය.

වඩා පැරණි ඉතිහාසයක් ඇති දිගරෝල්ල පාලමේ අබලන් තත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලික පාලම ඉදිකර ඇති බව සඳහන් කරන ඇය බරවාහන ගමනා ගමනයට දිගරෝල්ල පැරණි පාලම නුසුදුසු බව පැවසුවාය.

පැරණි පාලමේ යකඩ පතුරු ගැලවී දිරාපත්ව ඇති බව සඳහන් කරන ඇය පාලම පිළිබඳ කල පරික්ෂාවේදී එය ගමනාගමනයට සුදුසු නැති බව පෙනී ගිය සඳහන් කළ ඇය මගී ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් අබලන් පාලම වසා දැමුණු බව ඇය සඳහන් කළාය.

ජයිකා ව්‍යාපෘතියක් ලෙස පැරණි  පාලමේ අත්තිවාරම් කොටස උපයෝගී කර ගනිමින් මංතීරු හතරකින් යුතු ස්ථීර පාලමක් එකී ස්ථානයේ සැකසීමට සැලසුමක් ඇති බව ඇය පැවසුවාය.

ස්තීර පාලම ලබන වසර වනවිට ඉදිකළ හැකිවනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

 

 



අදහස් (0)

මොරටුව දිගරෝල්ල පාලම වෙනුවට ස්ථීර පාලමක් ජනතාව ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site