(ඉන්දික අරැණ කුමාර)
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02)හමුවූ බව නාඋල පොලිසිය කියයි.
ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නාඋල පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේ දී අස්ථි කොටස් තුනක්, කලිසමක් හා කමිසයක් යැයි සැක සිතිය හැකි ඇදුම් කොටස් කිහිපයක් හමුවී තිබේ. එම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් රියදුරු බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක්ද හමුවි ඇති බව පොලිසිය කියයි.
හමුවී ඇති හැඳුනුම්පතේ ‘හේරත් මුදියන්සේලාගේ නාලක සුමේධ බණ්ඩාර හේරත් ‘ ලෙස හා ‘ 1/60, වෙලන්ගොල්ල, කොන්ගහවෙල,නාඋල, මාතලේ ‘ලෙස සටහන් වී තිබේ.
ප්‍රදේශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති එම පුද්ගලයා කලක සිට ප්‍රදේශයේ දක්නට නොලැබුනු බව ද ප්‍රදේශවාසීහු කියා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd