(ඉන්දික අරැණ කුමාර)
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02)හමුවූ බව නාඋල පොලිසිය කියයි.
ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නාඋල පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේ දී අස්ථි කොටස් තුනක්, කලිසමක් හා කමිසයක් යැයි සැක සිතිය හැකි ඇදුම් කොටස් කිහිපයක් හමුවී තිබේ. එම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් රියදුරු බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක්ද හමුවි ඇති බව පොලිසිය කියයි.
හමුවී ඇති හැඳුනුම්පතේ ‘හේරත් මුදියන්සේලාගේ නාලක සුමේධ බණ්ඩාර හේරත් ‘ ලෙස හා ‘ 1/60, වෙලන්ගොල්ල, කොන්ගහවෙල,නාඋල, මාතලේ ‘ලෙස සටහන් වී තිබේ.
ප්‍රදේශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති එම පුද්ගලයා කලක සිට ප්‍රදේශයේ දක්නට නොලැබුනු බව ද ප්‍රදේශවාසීහු කියා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
340
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරගහකන්ද රක්ෂිතයෙන් අස්ථි කොටස් හමුවෙයි