IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මොරගස්වැව දී මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ක.ග කරුණාරත්න
 
හබරණ සහ ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීම කළ බව කියන ජාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මත්කුඩු තොගයක් ද සමඟ අද (25) අලුයම මොරගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.


මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සෆාරි ජීප් රථ රියදුරෙකු බවත් අනෙක් තැනැත්තා වැලි ටිපර් රථ රියදුරකු බවත් හෙළි වී ඇත. 


පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලදීගෙන ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මත්කුඩු ද සමඟ මෙම ජාවාරම් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.



අදහස් (0)

මොරගස්වැව දී මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site