(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම ගම්මානයේ වැසියෝ පිරිසක් අද (03) පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ පාසල් හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
පාපැදියකින් හෝ ත්‍රීරෝද රථයකින් පවා යාමට නොහැකි, වසර 20කින් පමණ අලුත්වැඩියා කර නැති මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නියැලුණහ.
ගම්වාසීහු 300ක පමණ පිරිසක් මෙයට එක්ව සිටියහ.
මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව පොලීසිය සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd