(රොමේෂ් මධුෂංඛ)
යාපනය, අරසඩි ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබු කාර් රථයක් ඊයේ (16) රාත්‍රියේ හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
අදාළ කාර් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී හදිසියේ ගිනිගෙන ඇති අතර, ගින්න කුමන හේතුවකින් හටගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නැත.
කාර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හෝ යම්කිසි පුද්ගලයෙකු ගිනි තැබීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතියි යාපනය පොලීසිය සැක පළ කර සිටියි.
ගින්න හට ගැනීමෙන් අනතුරුව යාපනය මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති අතර, ඒ වන විටත් කාර් රථය විනාශ වි ඇති බවද පොලිසිය පැවසීය.
සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදුවි නොමැති අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.