(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුණේ කල්මුණ කුඩි ප්‍රදේශයේ මාර්ගයේ දමා ගොස් තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කල්මුණේ පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
පොලිස් නිලධාරින් විසින් පොලිස් නිල සුනඛයන් යොදවා මෙම ගිනි අවිය පරීක්ෂාකළ අතර පොලිස් නිල සුනඛයා ටික දුරක් ගමන් කර කල්මුණ කුඩි හුදා ජුම්මා පල්ලිය තුළට ගොස් එම දේවස්ථානය තුළ ඉව අල්ලමින් ගමන් කර තිබේ.
පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ගෙන්වා දේවස්ථානයම සෝදිසියකට ලක් කරනු ලැබීය.
යුද හමුදාව සහ පොලිසිය නායිපට්ටිමුනේ ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී තියුණු මුවහත් සහිත කඩු දෙකක් සහ නීති විරෝධි පිහි කිහිපයක් සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩු කටුගෙයින් අතුරුදහන්වූ ඒවා වෙන්න බැරිද ?