(ක.ග.කරුණාරත්න)
මියගිය වන අලියෙකුගේ සිරුරක් අද (12) හබරණ, අලුත්ඔය ප‍්‍රදේශයේ වෙල් යායක තිබී හමුවූ බව වනජීවී නිලධාරීහු කියති.
අවුරුදු 8 -10 ක් වයසැති පිරිමි සතෙකු වන මෙම අලියා කුමන හේතුවක් නිසා මිය යන්නට ඇත්දැයි අනාවරණයවී නැතැයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.
පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණීමට නියමිත බවද ඒ මහතා කීවේය. වනජීවී නිලධාරීහු සහ හබරණ පොලීසිය එක්ව මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd