( කුෂාන් ජයවර්ධන)
අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කලාවැව ජාතික උද්‍යානයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව කළ සෝදිසියකදී මෙම මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණි.
කලාවැව ජාතික උද්‍යානයට අයත් ගල්ගොඩවල ප‍්‍රදේශයේ තිබී එම මළ සිරුර සොයා ගෙන තිබිණි. තරමක් නරක්ව ඇති මළ සිරුරේ ඇතැම් කොටස් සතුන් විසින් කා දමා තිබු බව පොලිසිය පවසයි.
දින කිහිපයකට පෙර අදාළ පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මිය ගොස් ඇති පුද්ගලයාගේ වයස අවුරුදු 40-50ක් අතර වෙතැයි අනුමාන කෙරේ.සිරුර වැටී ඇති ස්ථානයේ වල් අලින් ද බහුලව ගැවැසී තිබේ.
ජාතික උද්‍යානය තුළදි වල් අලි ප‍්‍රහාරයකට ලක්ව අදාළ පුද්ගලයා මිය ගියේද නැතිනම් මෙය ඝාතනයක්ද යන්න නිශ්චිතව මෙතෙක් අණාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.