බදුල්ලේ පාලිත ආරියවංශ
පොලුපහරකට ලක්ව බරපතල තුවාල ලබාසිටි 43 හැවිරිදි පුද්ගලයෙකු දියතලාව මූලික රෝහලේදී අද (10)සවස මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
මෙසේ මරණය පත්ව ඇත්තේ වැලිමඩ මිරහවත්ත වැලිකඩගම පදිංචිව සිටි ඒ.ඩී.නන්‍දසේන(43) නමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය පුද්ගලයාගේ අක්කාගේ පුතා වන 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය සඳහන් කරයි.
සැකකරු හා මියගිය පුද්ගලයා ඊයේ (9) රාත්‍රී මිය ගිය තැනැත්තාගේ නිවසේදී මත්පැන් පානය කර ඇතිවූ බහින් බස්විමකින් පසු සැකකරු පොල්ලෙන් පහරදී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd