IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම

(ඩී.ජී.සුගතපාල)
 
පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෑණාට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා අද(13) මරණ දණ්ඩනය නියම කර, අධිකරණය මගහැර සිටින විත්තිකරු අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළේය.
 
මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ බෙලිඅත්ත ඉහළ බෙලිගල්ලේ නිහාල් රංජිත් දොන් ෆ්‍රැන්සිස්කු නමැති විත්තිකරුවෙකුටය.
 
නාගොඩ පොලිස් වසමේ මාපලගමදි 2000 ජනවාරි 5වන දින  හේනගොඩ විතානාච්චි පියසේන නමැති 55 හැවිරිදි තිදරු පියාට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
 
මියගිය අය විත්තිකරුගේ මාමණ්ඩිය බවත්, බිරිඳට දරුවෙකු ලැබීමට සිටි බැවින් මහ ගෙදරට පැමිණ සිටියදී විත්තිකරු බීමත්ව පැමිණ බිරිඳට නිවසට යාමට කතාකර ඇති බවත්, එම අවස්ථාවේ සිදු වූ බහින් බස්වීමකදි විත්තිකරු බිරිඳගේ පියාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී ඇත.
 
විත්තිකරු මහාධිකරණයේ ඇප ලබා ගැනීමෙන් පසු දිගටම අධිකරණය මගහැර සිටීම නිසා විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී.
 
නාගොඩ පොලිසියේ සැරයන් නන්දන ප්‍රිති කුමාර(44439) මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටියේය.



අදහස් (0)

මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site