(නිශාන්ත කුමාර)
මහියංගන, මාපාකඩ වාරිමාර්ග කාර්යාලයට අයත් නාගදීප දික්කෙන්දයාය වාරිමාර්ග රක්ෂිතයේ පුවක් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (22) පැවැත්විණි.
වාරිමාර්ගයන්හි පාංශු හා ජල රක්ෂණය සඳහා පරිසර හිතකාමී මෙන්ම ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන සහිත භෝග වර්ග වගා කිරීමේ වැඩසටහනකට සමගාමීව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය සංවිධානය කර තිබිණි.
බදුල්ල කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එම්. අයි. එම්. ඉෂඩි. ඊබ්‍රහිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා, ප්‍රදේශයේ වාරිමාර්ග ජනපදවල ඉංජිනේරුවරු නිලධාරීහු, ගොවි මහත්වරු, පාසැල් සිසු දරුදැරියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වාරිමාර්ගයන්හි පාංශු හා ජල සංරක්ෂණය, අවම වියදමකින් වාරි රක්ෂිත මායිම් ලක් ලකුණු කිරීම, පරිසර සංරක්ෂණය, පුවක් වගාව ප්‍රවර්ධනය, අපනයන ආදායම වැඩිකරගැනීම ආදී අරමුණු රැසක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බව මාපාකඩ වාරිමාර්ග ඉංජිනේරු එස්. කේ. නදීකා සමන්මලී මෙනෙවිය පැවැසුවාය.







COMMENTS
රටට ආදරේ මිනිසුන් ....
අපේ අනාගත පරපුර මෙවන් මිලකළ නොහැකි වැඩසටහන් වලට සහභාගිවීම අපි ඉහළින්ම අගය කරන්නෙමු. පුතේ, දුවේ මේ ඔබලා අද කරන ලද පරිසර හිතකාමී ක්‍රියාවෙන් ඔබලාට එහි ප්‍රතිඵල නොලැබුනත් ඔබලාගේ අනාගත දරු කැලට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
ලොකු අයට කපාගන්න පොඩි අය ලවා ගස් සිටවීමේ සංකල්පය... මාරයි.