
(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයේ දී අද (2) සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශය පවසයි.
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සංජීව පුෂ්පකුමාර යාපා නැමැති 44 හැවිරිදි යතුරුපැදිකරු මෙසේ මියගොස් තිබේ.
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මැඩෑමුල්ල හංදියේ දී මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් ජලනල එලීම සඳහා කපා තිබූ වළකට වැටීමෙන් පසුව ටිපර් රථය දකුණු දෙසට ඇදී ගොස් නියම මංතීරුවේ ගමන් කළ යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.
ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා ගෙන ඇති කොන්ත්‍රාත්තුව මත ජලය බෙදාහැරීම සඳහා බට වැළලීමේදී එම කොන්ත්‍රාත්කරුවන් ඉන්ජිනේරුවකුගේ නිසි අධික්ෂණයකින් තොරව වැළලීමද මෙම අනතුරට හේතු වී ඇතැයි පොලිසිය පවසයි .
එම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර රියදුරු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd