​(මොහොමඩ් ආසික්) 

මාතලේ ගලේවෙල ප්‍රදේශයේ සිට මහනුවර මනමාලියක්  බැලීම සඳහා ගිය පිරිසක් රැගත් කැබ් රියක් අකුරණ නගරයේදී පිඟා ඔයට පෙරළීම නිසා අයකු මිය ගොස් තවත් 6 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම කැබ් රිය අකුරණ නගරයේ නවතා තබා නැවත පණ ගැන්වීමේදි මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන ආකාරය අසල සිසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර අනතුරින් මියගොස්  ඇත්තේ මාතලේයටවත්ත  ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තුවාලකරුවන් අතර අවුරුදු එක හමාරක කුඩා දරුවකු සහ කාන්තාවන් දෙදෙනකුද වන බව පොලීසිය කියයි.