IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිනියක් පාර මැද තබා උද්ඝෝෂණයක


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම බාදුරාගොඩ ප‍්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව හෘදයාබාධයකට ලක්ව මියගිය ජයන්ත  රූපසිංහ  යන අයගේ දේහය අද( 4)  සවස  අවසන් කටයුතු සදහා ගෙන යන අතර  මීරිගම මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප‍්‍රදේශයේ පාර මැද තබාගෙන මියගිය අයගේ ඥාතීන් ඇතුලූ ප‍්‍රදේශවාසීහු විරෝධතාවයක යෙදුනහ.
 

 මෙම පිරිස පැය බාගයක පමණ කාලයක් මෙසේ විරෝධතාවයේ යෙදුනු අතර ඔවුහු කසිප්පු විකුණන පුද්ගලයාට හා මෙම සිදුවීමේදී පොලිසියේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් දැඩිසේ විරෝධය පල කළහ. මෙම විරෝධය නිසා මාර්ගයේ ගමනාගමනය මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.
 
 පල්ලෙවෙල හා කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලූ නිලධාරින් මේ අවස්ථාවේ එහි පැමිණ ජනතාව සන්සුන් කිරීමට පියවර ගත් අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අසාධාරණයක් නොවන්නට සුදුසු පියවර ගන්නා බව පොලිසිය මෙහිදී සදහන් කළහ. මේ අවස්ථාවේ ජනතාව දැඩි ලෙස උද්වේගකාරි අන්දමින් අදහස් පල කරනු දැකිය හැකිවිය.  අනතුරුව පිරිස දේහය අවසන් කටයුතු සදහා ලෙන යනු ලැබූ අතර සාමකාමී අන්දමින් එම කටයුතු සිදු කරනු ලැබීය.



අදහස් (0)

මිනියක් පාර මැද තබා උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site