IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මිනීමරු අලියා දෙදෙනකුගේ ජීවිත බිලිගනී

(සුරියවැව දිලීප් ජයසේකර)
තණමල්විල නිකවැව හා මීගස්ආර ප්‍රදේශ වල ඊයේ(12) රාත්‍රි සිදු වු වන අලි පහරදිමක් හේතුවෙන් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අලුත් අවුරුද්දට බඩු රැගෙන ඒමට අසල කඩයකට ගොස් නැවත නිවෙස බලා පැමිණෙමින් සිටි නිකවැව ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකුවන 47 හැවිරිදිවිදානගමගේ පියසාන්ත නැමති අයෙකි.වන අලි පහරකෑමට ලක්වීමෙන් පසු ඔහු තණමල්විල රෝහලට රැගෙන යමින් සිටින අතරවාරයේ මියගොස් ඇත.මීගස්ආර පදිංචි වයස අවුරුදු 33ක් වන ගජනායක මුදියන්සේලාගේ කුසුමපාල නැමති එක් දරු පියෙකුද එම වන අලියාගේම පහරකෑමට ලක්ව ඊයේ(12) මියගොස් තිබේ.ඔහු ගෙවත්තට වන අලි ආ බව දැන වන අලියා පළවා හැරීමට නිවසින් පිටතට පැමිණ අලි වෙඩි දැමිමට උත්සාහ කළ අවස්ථාවේදි වන අලියා පහර දි තිබේ.වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ සවස 06ට විතර ගෙවත්තේ තණකොල කපමින් සිටි තණමල්විල සමාධිගම පදිංචි එන්.ඒ රොබින් නැමති 41 හැවිරිදි  තිදෙරු පියෙකි.ඔහු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි.
 



අදහස් (0)

මිනීමරු අලියා දෙදෙනකුගේ ජීවිත බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 69 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site