IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මින්නේරිය - ගිරිතලේ වැව්වලින් ජලය නිකුත් කිරීම 25 දා

(ක.ග.කරුණාරත්න)

මින්නේරිය සහ ගිරිතලේ මහ වැව් යටතේ වී වගා කරන කුඹුරුවලට මාස් කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ මස 25 වෙනි දින සිට ආරම්භ කිරීමට අද (11) පැවැති කන්න රැස්වීම්වලදී තීරණය විය.

මේ වැව් යටතේ වගා කෙරෙන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 30,000 ඉක්මවයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ වැව්වලට අයත් ව්‍යාපාර කළමනාකරණ කාර්යාලවලදී මේ රැස්වීම් පැවැත්විණි.

කවුඩුල්ල ජලාශය  යටතේ ජලය නිකුත් කිරීම ආරම්භ කරන දිනය පිළිබඳව අද පැවැති කන්න රැස්වීමේදී තීරණය නොවූ අතර ඒ සඳහා මේ මස 25 වෙනි දින නැවත කන්න රැස්වීමක් පැවැත්වීමට දිස්ත‍්‍රික් ලේකම්වරයා,වාරි නිලධාරීහු සහ ගොවි නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ.

කවුඩුල්ල ජලාශයේ දැනට තිබෙනුයේ අක්කර අඩි 20,000ක පමණ අඩු ජල මට්ටමක් බවත් එය අක්කර අඩි 40,000ක් ඉක්මවන මට්ටමට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනීමෙන් පසුව මාස්කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීමට හැකියාව ලැබෙන බව පොලොන්නරුව කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

මින්නේරිය - ගිරිතලේ වැව්වලින් ජලය නිකුත් කිරීම 25 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site