(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (25) අලුයම ඇති වූ ගින්නකින් වෙළඳසැළට දැඩි හානි සිදුව ඇති බවට පේසාලෙයි පොලීසිය පවසයි.
වෙළඳසැල තුළ අද අලුයම් කාලයේ හදිසියේ ඇති වූ ගින්න දුටු ප්‍රදේශවාසියකු ඒ බව පේසාලෙයි පොලීසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් ගින්න නිවාදැමීමට පියවර ගත්ත ද ඒ වන විටත් ගින්නෙන් වෙළඳසැලේ තිබූ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ වී තිබිණි.
ගින්නෙන් වෙළඳසැලට වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වෙළඳසැලේ ඇති වූ විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.