රොමේෂ් මධුෂංඛ
මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් බෝම්බයකට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බවට මන්නාරම් වනජීවි නිලධරයෝ පවසති.
පසුගිය 27 වැනිදා බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වැනි සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවී නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් වනජීවි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ යුද හමුදා නිලධාරීන් සමඟ එක්ව ප්‍රතිකාර කිරීම එදින සිටම සිදු කළද බෝම්බය පුපුරා යාමෙන් දරුණු ලෙසට තුවාල ලබා තිබීම නිසා වල් අලියා බේරා ගැනීමට නොහැකිව ඇත.
දඩයම් කරුවන් විසින් හක්කපටස් බොම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුළම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුවීම හේතුවෙන් අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පශු වෛද්‍යවරු කියති.
හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන් දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා ද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම් මඩු කැලේ දී හක්කපටස් බෝම්බයට බිළි වු අලියා මරුට