(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් ආසන්නයේ රැදී සිටි පිරිසක් නිවෙස් හිමිකරුට වෙඩි තබා පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
උයිලන්කුල්ම ප්‍රදේශයේ පිදිංචි ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නැමැති වැසියාගේ නිවස ආසන්නයට පැමිණි අට දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම අවස්ථාවේදී ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නිවසින් පැන යාම නිසා ඔහුගේ ජීවිතය බේරී ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි තැබීම කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිවෙස් හිමිකරුට කිසිඳු හානියක් වී නොමැත.
සිද්ධිය සම්බන්යෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd