රොමේෂ් මධුෂංඛ
මන්නාරම නගරයේ අවිධිමත්ව කිසිදු දැනුම් දීමකින් තොරව දිනපතා සිදු කෙරෙන විදුලි විසන්ධි කිරීම් වලට විරෝධය පා ප්‍රදේශයේ ආගමික නායකයින්,දේශපාලඥයින් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මන්නාරම නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මන්නාරම් නගර මධ්‍යයේ සිට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා අදාළ විරෝධතා පාගමන පැමිණි අතර විරෝධතාවයෙන් පසුව මන්නාරම් නගරයේ විදුලි ඉංජිනේරු කාර්යාලයට හා දිසාපති කාර්යාල වෙතට විදුලිය විසන්ධි වීමකින් තොරව විධිමත්ව ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් ද බාරදෙනු ලැබීය.
මන්නාරම් නගරයේ විදුලිය විසන්ධි වීම සිදු වන්නේ අලුත්වැඩියාවන් හා නව විදුලි පද්ධතියක් සිදු කිරීම වෙනුවෙන් යැයි කියා බලධාරීන් කියා සිටියද විදුලි විසන්ධි කරන්නේ නම් කිසියම් කාල සටහනකට ජනතාව දැනුවත් කර සිදු කළ යුතු බවට විරෝධතාකරුවෝ පවසති.
එමෙන්ම විදුලිය නොමැතිකම නිසා මේ දිනවල විභාගයන්ට පෙනී සිටින දරුවන්ටද අධ්‍යාපන සිදුකර ගැනීමට නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.