
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු වියළි කහ සහ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
උතුරුමැද නාවික විධානය විසින් එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසියකදී එරුක්කලම්පිඩ්ඩි මුහුදු තීරයේදී පැමිණි සැකකටයුතු වල්ලම් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාව තුල තිබී කේරළ ගංජා සහ කහ තොගය හමු වී ඇත.
එහිදී වියළි කහ කිලෝ 710 ක් සහ කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 700 ක් තිබී ඇත.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසිය වෙතට භාරදී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.