IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මන්නාරමෙන් මිනිස් ඇටසැකිලි හමුවෙයි

 (රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පොළව හෑරූ පස් ගොඩක තිබී මිනිස් ඇටසැකිලි වලට සමාන වූ ඇටසැකිලි තොගයක් හමු වූ බව මන්නාරම් පොලීසිය කියා සිටියේය.

මන්නාරම් නගර ආසන්නයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා   පොළව හාරා ඇති අතර හෑරු පස් තොගය වෙනත් ස්ථානයකට දැමීම සඳහා රැගෙන යමන් සිටියදී එමලිනගර් ප්‍රදේශයේ වැසියෙකු පස් ටිපර් රථය කිසියම් කටයුත්තක් සඳහා රැගෙනගොස් ඇති අතර එම පස් තොගයේ තිබී මෙම  ඇටසැකිලි තොගය දැක  පොලීසියට පවසා ඇත.

අනතුරුව මන්නාරම් පොලීසිය විසින් මෙම ස්ථානයට පැමිණ පස්ගොඩේ තිබී ඇටසැකිලි කිහිපයක්ම සොයාගෙන ඇති අතරම පස් හෑරු ස්ථානයේද පරික්ෂා කිරීම සඳහා මන්නාරම් අධිකරණයට දැනුම් දී ඇත.

මේ අනුව ඉදිරියේදී අධිකරණ නියොගයකින් ඇටසැකිල්ල හමු වූ ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති අතරම මේ වන විට එම් ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා ඇති අතරම හමු වූ ඇටසැකිලි මිනිස් ඇටසැකිලිද යන්න සෙවීම සඳහා රජයේ රසපරික්ෂක වරයාට යොමු කර ඇතැයි  පොලීසිය පවසයි.



අදහස් (0)

මන්නාරමෙන් මිනිස් ඇටසැකිලි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site