(සංජය මධුශාන්)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී අද(24) වන අලියෙකු මියගොස් අලි පැටවෙකු තුවාල ලබා ඇතැයි කවුඩුල්ල වනජීවි නිලධාරීහු පවසති.
හබරණ හා ගල්ඔය දුම්රිය ස්ථාන අතර ගල්ඔය ප්‍රදේශයේදී වන අලි රංචුවක් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
වන අලියා දුම්රියේ ගැටී කැබලිවලට කැඩී ඇති අතර අවුරුදු 03 ක් පමණ වන පැටවා දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිව ඇතැයි කවුඩුල්ල වනජීවි නිලධාරීහු පවසති.
මීනගයා දුම්රියේ ගැටී පසුගිය කාලයේ වන අලි රැසක් අනතුරට ලක්වූ බව ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය වර්ජන නිසා, අලි රංචුව දුම්රිය මාර්ගයේ යන්න ඇති , නැතිනම් රියදුරන්ට දුම්රිය පාලනය හා වගකීම අමතක වෙලා වෙන්න ඇති. ඉදිරියේදී මෙවැනි අනතුරු සෑම සෙනසුරාදාවකම සිදුවිය හැක ( සිකුරාදා දුම්රිය වර්ජන නිසා )
රියදුරන්ට දඬුවම් කරන්න ඕන. වේගය අඩුකරන්න කියල තියද්දීත් සත්තු ගැන කිසිම ආදරයක් නැති මිනිස්සු.
වන උද්‍යාන බල්ලන්න යන සංචරකින් ගෙන් විශාල මුදලක් වනජීවී දෙපාර්තමේන්තුවට පසුගිය අවරුදු කීපයේ ලැබුණ , මුදල් වියදම් කරලා රේල්පාර දෙපැත්තේ අලි වැටක් හදන්න බැරිද ?