(අප්සරා යෝසිත් විජේසූරිය සහ අජිත් ලාල් ශාන්ත උදය )
රිය අනතුරකට ලක්ව මියගිය විද්‍යුත් හා මුද්‍රිත ප‍්‍රාදේශීය මාධ්‍යවේදී රුචිර අබේමාන්න මහතාගේ මරණය සම්බන්ධව රිමාන්ඞ් භාරයේ සිටි සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිනි පෙරේරා මහත්මිය නියම කළාය.
මෙසේ ඇපමත මුදාහරින ලද සැකකරු වූයේ රත්නපුර කොළඹ පාර අංක 50/ 31 ලිපිනයේ පදිංචි ජේ.ඒ.චමින්ද දිල්ශාන් ජයවර්ධන නැමැති අයෙකුය.
මෙම නඩුව ඉදිරි 27 දිනට කල්තැබිණ.
එදිනට මෙම නඩුවේ සීසීටීවී දර්ශන පට සහ අනෙකුත් නඩු භාණ්ඩ සම්බන්ධව රසපරීක්‍ෂක වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd