(දයාරත්න ඇඹෝගම)
මුදල් ඔට්ටුවට කැට ගැසු පිරිසක් අතර ඔට්ටුව බේරා ගැනීමට යාමේදී ඇතිවු ගැටුමක් දුර දිග ගොස් 54 හැවිරිදි පුද්ගලයකුට පොලු වලින් පහරදී ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු අද (16) සේනපුරදී අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ පොලු වලින් පහරදී ඝාතනය කර ඇත්තේ මැදගම,නිකදලුපොත,වැල්ලව යන ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩි.ප්‍රේමසිරි (54) නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා වැල්ලව ප්‍රදේශයේ සිට සේනපුරට පැමිණ එම පළාතේ පදිංචිව කුලී වැඩ කරන්නෙකි.
ඔහු වේදිනිගම ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ පැවති කැට ගැසීමේ ක්‍රිඩාවකට එක්ව සිටි බව පොලිසිය කියයි.
මුදල් ඔට්ටුවට කැට ගැසු අතර, එහිදි ඔට්ටුවක් බේරා ගැනීමට ගිය අවස්ථාවේදි ඇතිවු ආරවුලින් කෝපයට පත් කැට ගැසිමේ නිරතව සිටි තරුණයන් අතරින් තිදෙනෙකු මෙම පුද්ගලයාට පොලු වලින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා සේනපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සේනපුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (16) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුදල් ඔට්ටුවට කැට ගසා අයෙක් මරුට