IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත් වැරදි සම්බන්ධයෙන් 49 ක් මොරටුවෙන් අල්ලති

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මොරටුව පොලිස් බල ප්‍රදේශය පුරා අපරාධ මැඩලීමේ අරමුණින් අද (25) අලුයම කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 49 දෙනෙකු හෙරොයින්, කුඩු, අයිස්, මත්පැන් සමඟ අද (25) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය කියයි.

පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ගනිමින් මොරටුව පොලිස් බල ප්‍රදේශය පුරා සිදු කෙරෙන අපරාධ රැල්ල මර්දනය කිරීමේ අරමුණින් මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.

එහිදී කසිප්පු මිලිමීටර් 9000 ක් සමග සැක 8 දෙනෙකු,හෙරොයින් මිලි ග්‍රෑම් 110 සමග සැක 4 දෙනෙකු, අයිස් මිලි ග්‍රෑම් 290 ක් සමඟ සැක දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

හෙරොයින්,ගංජා,අයිස්,මත්පැන් ආදි මත්ද්‍රව්‍ය වැරදි වලට අමතරව සිය අනන්‍යතාවය හෝ තමා පැමිණි කාරය පිළිබඳව සාධාරණ පිළිතුරක් ලබාදීමට නොහැකි වූ පාන්දර පාර පුරා සැරි සරන සැකකරුවන් 28 දෙනෙක් සහ වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද පොලිසිය පැවැසීය.

මෙම සැකකරුවන් පානදුර, අඟුලාන, මොරටුව, ගල්කිස්ස, පිලියන්දල, කැස්බෑව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත් වැරදි සම්බන්ධයෙන් 49 ක් මොරටුවෙන් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site