(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව රණවරාපිටියහන්දිය ප්‍රදේශයේ නිවසක් වටලා ගංජා මිශ්‍ර බවට සැකකෙරෙන මත් පුවක් ග්‍රෑම් 220 ක් අඩංගු පාර්සල් 4ක්, පුවක් කිලෝ හතරයි ග්‍රෑම් 380ක්, මත් පුවක් නිෂ්පාදනයට යොදන මිශ්‍රණයක් හා ඊට අදාළ උපකරණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (06) අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
සැකකරුවන් කාලයක සිට පාසල් ළමුන් හා බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මෙම මත් පුවත් ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ අදාළ නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd