(එෆ්.අස්ලම්)
ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 8750ක සංඛ්‍යාවක් යොදවා ඇතැයි දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ආසන 9 ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට මෙම නිලධාරීන් යොදවා ඇතැයි ද එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ලබන 17 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 657,766ක් සුදුසුකම් ලබා ඇති අතර ආසන 9 හිම ඡන්ද මධ්‍යස්ථාන 533ක ඡන්ද විමසීම සිදුකෙරේ.
මේ අතර ඡන්ද දිනයේ ආරක්ෂාව සඳහා ආරක්ෂාවට බදුල්ල හා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස වලින් විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු පොලිසිය 3000ක පමණ පිරිසක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ඡන්ද මධ්‍යස්ථාන අවට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පූර්ණ ආරක්ෂාවක් සකසා තිබෙන බවත් සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිවරණ රාජකාරීවලට බදුල්ලට 8750 ක්