IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මාතලේ මී උණ පැතිරීමේ අවදානමක්

(මහේෂ්  කිර්තිරත්න)

මේ දිනවල මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින්  මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින් ද ඒ පිළිබදව අවදානය යොමුකළ යුතු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ  මහතා පැවැසීය.
 
 විශේෂයෙන් පුරන් කුඹුරු ආශ්‍රිතව අදාල බැක්ටීරියාව බහුලව දක්නට ලැබෙන බැවින් මේ සම්බන්ධයෙන් ගොවින් දැනුවත් වීම වැදගත් බවද වෛද්‍ය වරයා පෙන්වා දුන්නේය.
 
 ගොවින් කුඹුරට බැසීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ඩොක්සිසයික්ලීන් ( Doxycycline ) ඖෂධය සතියකට වරක් ගැනීමෙන් මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව වෛද්‍ය වරයා පෙන්වා දුන්නේය.
 
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයෙ පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
 
මී උණ වලක්වා ගැනීම සදහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ගොවින්ට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත ‌ෙඖෂධ ලබා දීමට කටයුතු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා මාතලේ ගොවිජන සංවර්ධන කොමසාරිස්වරියට උපදෙස් ලබා දුන්නේය.
 
මී උණ මරණ වලක්වා ගත හැකි බැවින් එය වලක්වා ගැනීමේ වගකීම රාජ්‍ය නිලධාරින් මතද පැවරෙන බව දිසාපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (0)

මාතලේ මී උණ පැතිරීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site