(මහේෂ් කීර්තිරත්න)
මාතලේ මහ නගරසභාවේ පරිපාලනයේ පවතින ව්‍යාකූලත්වයෙන්, විවිධ අයකිරීම් නවතා දමා ඇති බැවින් ජනවාරි මාසයේ සිට මේ දක්වා මසකට රුපියල් ලක්ෂ 20 බැගින් මේ වන විට රුපියල් ලක්ෂ 120ක ආදායමක් දළ වශයෙන් නගර සභාවට අහිමිව ගොස් ඇති බව මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.
නගරාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නගර සභාවේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මේ වන විට නගර සභාවේ පරිපාලන කටයුතු අවුල් වෙලා තියෙන්නේ. මහජනයාගෙන් බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරින් මීට වඩා ජනතාව ගැන සිතිය යුතුයි. මාතලේ මහ නගර සභාවේ දැනට මාස 6ක් තිස්සේ කිසිදු සංවර්ධන යෝජනා ක්‍රමයක් කරන්න බැරිතැනට වැටිලා. විපක්ෂයේ සහ අපේ පක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ කඩාකප්පල් ක්‍රියාවන් නිසා මෙම තත්වය උද්ගත වෙලා”
තමන් විසින් ආරම්භ කළ රථවාහන නවතා තැබීමේ ස්ථානවල ගාස්තු එකතු කිරීම මේ වන විටත් නවතා දමා ඇති බවද නගරාධිපතිවරයා පැවසීය.
ඊට අමතරව බස් නැවතුම්පොළවලින් සහ ත්‍රිරෝද රථවලින් අය කරන ගාස්තු කුණු කසළ බැහැරකිරීමේ ගාස්තු මෙන්ම අනෙකුත් අදායම් මේ වන විට අහිමිව ගොස් ඇති බවත් සුපිරි වෙළඳ සංකීර්ණය සහ අනෙකුත් වෙළඳසල්වල හිඟ කඩකාමර ගාස්තු එකතු කිරීම ඇතුළු නගර සභාවට ආදායම් ලැබෙන රැසක් මේ වන විට අහිමිව ගොස් ඇති බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
මේ තත්වයන් පිළිබඳව නාගරික ජනතාව දැනුවත් විය යුතු බවත් අය වැය ලේඛනය මගින් නගරයේ කාණු පද්ධති, මාර්ග සංවර්ධනය සමග යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කිරීමට සභා අනුමැතිය ලැබී ඇතත් මේ වන තෙක් ක්‍රියාක්මත වී නොමැති බවත් අලුවිහාරේ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතලේ මහ නගරසභාවට ලක්ෂ 120ක පාඩුවක්