IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතලේ කොන්ත්‍රාත්කරුවන්ට ලක්ෂ 2570 ක පොල්ලක්

(මහේෂ් කීර්තිරත්න)
 
පසුගිය රජය සමයේ 2019 වසරේදී වැඩ අවසන් කළ ව්‍යාපෘති 1933ක  අතැති බිල්පත් වශයෙන් රුපියල් ලක්ෂ 2570 ක  මුදලක් අදාළ කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීමට ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය සැලසුම් අංශය කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ කළ  ගම්පෙරළිය වේගවත් ග්‍රාම සංවර්ධන  වැඩසටහන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ වැඩසටහන් හා කන්ද උඩරට උරුමය සුරැකිම  සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන්වලට අදාළව මෙම මුදල් ලබාදී නැති බව එම අංශය සඳහන් කරයි.    
 
එම තොරතුරු ආර්.ටි.අයි /එම්.ටි/20/01/101  අංකය යටතේ දරණ ලිපිය මගින් 2020/02/13 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සජිවා විතානගේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියෙහි ඇතුළත් වේ.
 
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ  2019 /12/31 වන දින වන විට මාතලේ   දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට අදාළව ව්‍යාපෘති 1682ක් සිදු කර ඇති බවත් ඒ සඳහා අතැති බිල්පත් වශයෙන් රුපියල් ලක්ෂ 1370ක මුදලක් ගෙවීමට ඇති බවත් /ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ ව්‍යාපෘති 173ක් සිදු කර ඇති බවත් ඒ සදහා අතැති බිල්පත් වශයෙන් රුපියල් ලක්ෂ 980 ක මුදලක් ගෙවීමට ඇති බවත් කන්ද උඩරට උරුමය සුරැකීම සහ සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ ව්‍යාපෘති 78ක් සිදු කර අතැති බිල්පත් වශයෙන් රුපියල් ලක්ෂ 220ක මුදලක් ගෙවීමට ඇති බවද එම ලිපියෙහි සදහන් වේ.
 
මෙම වැඩසටහන් වලට අදාළව මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් ආරවරණව වන පරිදි සිදු කර ඇති ව්‍යාපෘති වලින් ග්‍රාමීය මාර්ග,පඩිපෙළ,බෝක්කු,කුඩා පාලම්,පැති කාණු,කෘෂි නිශ්පාදකයන්ට අවශ්‍ය ගබාඩා පහසුකම්,කුඩා පරිමාණයේ ඇළ මාර්ග,කෘෂි ළිං ආදිය ඉදි කිරීම,පිළිසකර කිරීම,ග්‍රාමී සෞඛ්‍ය මධ්‍යස්ථාන නවීකරණය,සංවර්ධන හා පහසුකම් සැපයීම,.පාසල් සඳහා විදුලිය,ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම/සංවර්ධනය කිරීම ආගමික ස්ථාන සදහා ලබා දුන්  ව්‍යාපෘති සදහා මෙම මුදල් යොදවා ඇති බව වාර්තා වේ.
මෙම මුදල් නොලැබීම නිසා දිස්ත්‍රික්කයේ කොන්ත්‍රාක්කරුවන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද එම ව්‍යාපෘති සිදු කළ කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාක්කරුවෝ පවසති.



අදහස් (0)

මාතලේ කොන්ත්‍රාත්කරුවන්ට ලක්ෂ 2570 ක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site