(සනත් ගමගේ)
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ, බරවකුඹුක - මත්තල කොටස පමණක් විවෘත කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ගය දෙපස පදිංචිකරුවෝ බරවකුඹුක පිවිසුම අසළදී අද(06) විරෝධය පළ කළහ.
අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී හානි වන ග්‍රාමීය මාර්ග යථා පරිදි සකස් නොකිරීම, වාරි මාර්ග පද්ධතිවලට හානි සිදුවීම, පදිංචි නිවෙස්වල බිත්ති පුපුරා යෑම හේතුවෙන් ඒවාට වන්දි මුදල් නොලැබීම, අධිවේගි මාර්ගයේ වැඩ නියම පරිදි අවසන් නොකිරීම යන කරුණු හේතුවෙන් මෙම විරෝධය පැවැත්විණි.
මාතර සිට බෙලිඅත්ත දක්වා පළමු කොටසත්, බෙලිඅත්ත සිට බරවකුඹුක දක්වා දෙවැනි කොටසත්, බරවකුඹුක සිට මත්තල දක්වා අවසාන කොටසත් වශයෙන් අධිවේගී මාර්ගයේ කටයුතු කොටස් 3ක් යටතේ සිදුකෙරිණි. එහි පළමු හා දෙවන කොටස්වල වැඩ තිබියදීත්, අවසන් කොටසේ කටයුතු නිම නොකර හදිසියේ විවෘත කිරීම ආණ්ඩුවේ තවත් විහිලුවක් බව මෙම අවස්ථාවට සහභාගී වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. ජානක මහතා පැවසීය.
හම්බන්තොට අධිවේගි මාර්ගය විවෘත කිරීමේ නාම පුවරුවේ නම යොදා ගැනීම සඳහා මෙම ආණ්ඩුව කරන කටයුත්ත සම්බන්ධව විරෝධය පළකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර-හම්බන්තොට අධිවේගයේ කොටසක් විවෘත කළැයි විරෝධයක්
අබිලින් Wednesday, 06 November 2019 10:57 AM
කලබල වෙන්න එපා මන්ත්‍රීතුමා 2019.11.18 පත්වන සජිත් ජනපතිතුමා ඉතිරි ටිකත් ඉක්මනින්ම අවසන් කරනවා. නරකද ඔබතුමාත් එතුමාට සහාය දුන්නොත් ?