IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාතර නීතිඥ සංගමය වෘත්තීය කටයුතුවලින් ඉවත් වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කළ බව එම තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කළ කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසීය.

ඒ අනුව මාතර මහේස්ත්‍රාත් උසාවිය, අතිරේක මහේස්ත්‍රාත් උසාවිය, දිසා අධිකරණ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, කම්කරු විනිශ්චය සභාව ආදී සියලු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තම සාමාජිකයින් තීරණය කල බවද ඔහු කීය.

හෙට (27) තම තීරණය අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දෙන බවද නීතිඥ රංගජීව මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
මාතර නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (26) සවස පවත්වා තිබු අතර එහිදී මෙම තීන්දු තීරණ ගෙන තිබේ.



අදහස් (0)

මාතර නීතිඥ සංගමය වෘත්තීය කටයුතුවලින් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site