IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිතුරාගේ මුදල් පසුම්බිය සොරාගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට

(චන්දන ප‍්‍රනාන්දු )

ඉතාලියේ සිටි පැමිණි මිතුරෙකුට අයත් විදේශ හා ලංකාවේ මුදල් තොගයක් සමඟ එම මිතුරාට අයත් වීසා ලියකියවිලි සොරාගත් තරුණයන් දෙදෙනෙකු අද (20) සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ප‍්‍රදේශයේ පදිංචි 23 හා 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි .

ඉතාලියේ රැකියාව කර නිවාඩුවකට ලංකාවට පැමිණ තම මිතුරෙක් සමඟ නයිනමඩම් පල්ලිය හන්දිය ප‍්‍රදේශයේ පිහිටි තවත් මිතුරෙක් හමුවීමට එම නිවසට ගොස් සිටියදි එම නිවසේ මේසයක් උඩ තිබු  යුරෝ 200 ක මුදලක් රුපියල් හතළිස් දාහක මුදලක් හා ඉතාලි විසා බලපත් අඩංගුව තිබු කුඩා බෑගයක් නැතිවීම සම්බන්ධයෙන්  බටහිර නයිනමඩමේ පදිංචි තරුණයෙක් වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් අනතුරුව සැකපිට පැමිණිල්ල කළ තරුණයාගේ මිතුරන් දෙදෙනාව අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.

මෙම පැමිණිල්ල කල තරුණයා ඉතාලියේ සිට ලංකාවට පැමිණි දිනම මෙම සිදුවීම සිදුව ඇති බවත් බලන්න ගිය මිතුරාගේ නිවසේ මේසයක් උඩ  එම බෑගය තබා  වැසිකිළියට ගොස් එනවිට මෙම බැගය ඇතුරුදන්වීම නිසා ඒ පිළිබඳව මිතුරන්ගෙන් විමසිමක් කළත් ඔවුන් එය ප‍්‍රතික්ෂේප කල නිසා මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කීය.

ඉතාලියේ සිට පැමිණි තරුණයා ළඟ යුරෝ හා රුපියල් තිබෙන බව දැනගත් පළමු මිතුරාගේ දැනුම්දීමක් මත නිවෙස් හිමි මිතුරා මෙලෙස බැගය සොරාගෙන ඇති බවට තොරතුරු හෙළිදරවු වු බවත් එය ඔහුගෙ නිදන ඇඳේ මෙට්ටයක් යට සඟවා තිබියදි සොයාගත් බව පොලිසිය කීය.

සොරාගත් බෑගයේ තිබු මුදල්වලින් රුපියල් පළොස් දාහක මුදල වැයකර සැකකරුවන් හෙරොයින් පානය කර ඇති බවද පොලිසිය සඳහන් කළ අතර සැකකරුවන් මත්කුඩු පානයට ඇබ්බැහි වු පුද්ගලයන් බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කීය.



අදහස් (0)

මිතුරාගේ මුදල් පසුම්බිය සොරාගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site