IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මිතුරාගේ පිහිපහරින් අනෙකා මරුට

(ප්‍රියාණි මංගලිකා)
           
මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමෙන් දුරදිග යෑමෙන් මහව ප්‍රදේශයේ දී එක් අයෙකු පිහියකින් ඇනීමෙන් අනෙකා ‍මරණයට පත්ව ඇති බව පොලීසිය අද( 19 )පැවසීය.

සැකකාර මිතුරා (42) සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී පොල්පිතිගම ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.

මියගිය පුද්ගලයා සහ සැකකාර පුද්ගලයා යන දෙදෙනාම  එකම ප්‍රාදේශයක පදිංචි  විවාහකයන් බවද,ඔවුන් දෙදෙනා  මිතුරන් දෙදෙනෙකු  බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා වැඩ තහනමට ලක් වූ 38 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බවද, මියගිය අයගේ සිරුර පිළිබඳව වූ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

මිතුරාගේ පිහිපහරින් අනෙකා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site