IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත්පැන්හලක් වසාදමන්නැයි ලුණුගල හිමිවරු විරෝධයක


(ප්‍රසන්න පත්මසිරි)

ලුණුගල හොප්ටන් ප්‍රදේශයේ බීර මත්පැන්හලක් ආරම්භ කිරීමට අවසර දුන්නා යැයි කියන ලුණුගල ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධය පා එය වහාම වසාදමන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන රැසක ජනතාව අද(23) සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

හොප්ටන් 20 කණුව ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බීර වෙළදසැල ජනතා විරෝධය නිසා වසර දෙකකට අධික කාලයක් වසා තබා තිබිණි. ප්‍රදේශවාසීන්ට හොර රහසේම  එය නැවත  ආරම්භ කිරීමට බලපත් නිකුත්කිරීම නිසා මෙම උද්ඝෝෂණය පැවැත්විණි‍‍.

ලුණුගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් යපම්ම ශ්‍රී රම්‍ය විජයාරාමයේ විහාරාධිපති කැන්දවින්නේ ගුණානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ සිවිල් සංවිධාන, පාසල් හා දහම් පාසල් ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් බැනර් පුවරු අතැතිව පැය දෙකකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.

'මත්පැන් වෙළඳසැල් සදහා බලපත් නිකුත් කිරීම සදහා බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් වරයාට සුරාබදු කොමසාරිස්වරයා එම ස්ථානයේ බියර් වෙළඳසැලක් ආරම්භ කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව තමයි ප්‍රාදේශීය ලේකම් බලපත් නිකුත් කර තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට මම උපදෙස් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා කටයුතු කරනවා'' යැයිද ඇය පැවසුවාය.



අදහස් (0)

මත්පැන්හලක් වසාදමන්නැයි ලුණුගල හිමිවරු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site