රොමේෂ් මධුෂංඛ
මන්නාරම් නගර මධ්‍යයේ ඉතා සූක්ෂමව ට්‍රැමඩෝල් නැමති මත්පෙති 1300 ක් අලෙවි කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරම් කොට්ඨාස විෂමත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සූක්ෂමව අදාළ මත්පෙති මිලදී ගන්නා මුවාවෙන් ගොස් එම සැකකරුවන් මත්පෙති අලෙවි කිරීමට සැරසෙන අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අදාළ මත්පෙති වර්ගය වැඩි වශයෙන් ධීවරයින්ට අලෙවි කරන අතරම එක් පෙත්තක් රුපියල් දහසකට ආසන්න මුදලකට විකුණන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හා 56 හැවිරිදි වන අතර ඔවුන් වව්නියාව හා මන්නාරම් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (24) දින මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මත්පෙති 1300ක් අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට