(ඩබ්. ඒ පියතිලක)
පොලොන්නරුව දිඹුලාගල මගුල් දමන ප‍්‍රදේශයේදී මත් පෙති රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු බිරිඳ සමඟ කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර අලුත් අවුරුදු නිවාඩුවට ගම් බලා යද්දී ගමේ තරුණයින්ට ලබා දීම සඳහා මෙම මත් පෙති රැගෙන ගිය බවට පරීක්ෂණ වලදී තොරතුරු අනාවරය වී ඇත.
මෙම පෙති පළමුව නොමිලේ ලබා දී පසුව මුදල් අය කර ගැනීමට සුදානමින් සිටි බවද ඔහු පොලීසිය හමුවේ පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd