(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත ටොරිංටන් හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා, හෂීස්, අයිස් ආදී මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා සතුව කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 425ක්, හෂීස් ග්‍රෑම් 80ක්, අයිස් ග්‍රෑම් 16ක, මත්පෙති 4ක් හා මත් මුද්දර 41ක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 23 හා 29 පසුවන කුරුඳුවත්ත ටොරිංටන් මාවත පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
සැකකරුවන් මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd