(නිශාන්ත කුමාර)
මහියංගනය හා ඒ අවට ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන තරුණියන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (16) සවස මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ මාර්ග බාධකයේදී හෙරෝයින් ග්‍රෑම් 12 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා අවුරුදු 23 හා 24 වයස් වල පසුවන මහියංගන සොරබොර ජනපදයේ හාදොඩම්වත්තපාර පදිංචි තරුණියන් දෙදෙනෙකි.
මහියංගනය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා කාලයක සිටම මහියංගන හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වූවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා හෙට (17) මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
අනේ අපොයි....දැන් ස්වයං රැකියාවකටත් ඉඩ නෑ
අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය දිය යුතුයි.....විනාශ වෙන්නේ අහිංසක සිංහල කොල්ලෝ....