(නිශාන්ත කුමාර)
ගංජා හා අබිං මිශ්‍ර මත් ගුලි රැගෙන බිබිල මහියංගණ මාර්ගයේ ත්‍රි රෝද රථයකින් යමින් සිටි තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන එම මාර්ගයේ ගුරුමඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ අවුරුදු 22-28 වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකි.
මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
තරුණයින් සිව් දෙනා අද (11) මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතය.
රිදිමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd