
(අමදෝරු අමරජිව)
පාසල් සිසුන් ඉලක්ක කර විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මත්ගුලි පැකට් 300 ක් කන්තලේ බස් නැවතුම් පොළ අසල වෙලඳසැලක තිබී අද (14) සොයා ගත්බව කන්තලේ පොලිසිය පැවසීය.
කන්තලේ පොලිසිය හා කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී පැකට් කළ මත්ගුලි සමඟ වෙලඳසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ගුලි සමඟ කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd