(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරු මුස්ලිම් ජාතික තරුණයෙක් අද (06) සැකපිට අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
අද (06) පෙරවරු 7.30 ට පමණ මෙම පුද්ගලයා පදවාගෙන ආ යතුරු පැදිය එකවරම ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු කර විද්‍යාලය තුලට යාමට උත්සහ දැරීමේදී ආරක්ෂක අංශයේ නිලධාරීන් එම පුද්ගලයා අල්ලා ඒ ආසන්නයේ සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට බාර දී තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයා අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු යම් ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවෙක් ද එසේ නැතිනම් මානසික ආබාධයකින් පෙලෙන්නෙක්ද යන්න වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.