(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
මීගොඩ ගලගෙදර පාලම අසළදී රුපියල් 50,000ට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් කාන්තාව 28 හැවිරිදි තැනැත්තියක බව ද සැකකාරියගේ සැමියා ද අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට පත් වූ අයෙක් බව ද පොලිසිය පවසයි.
 
සැකකාරිය හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.